සියළු පක්‍ෂ පරදා අපි පොහොට්ටු ආසන බල මණ්ඩල හැදුවා..

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට සියලුම අනෙක් පක්ෂ අභිබවා ගොස් ආසන බලමන්ඩල පිහිටුවා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

රටම ආවරණය වන පරිදි 90%ක් පමණ අාසන බල මණ්ඩල පිහිටුවා අවසන් කර ඇති බවද ඔහු පැවසීය.

මේ වන විට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රටපුරාම පිහිටුවාගෙන යමින් සිටින බවත් සෑම ග්‍රාම සේවා වසමකමට අවශ්‍යතාවය අනුව ශාඛා සමිති පිහිටුවන බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments