ලංකාවේ විධිමත් ලෙස හා සංවිධානාත්මකව තිබුණු සාම්ප්‍රදායික පක්ෂ වල දේශපාලන රාමුව අරගලයෙන් පසුව සම්පූර්ණයෙන් බිඳ වැටුණු බවත්,ඵෙතිහාසික බලවේග හැටියට ගත්තාම ලංකාව පාලනය කරපු පාලක පංතීන් විශේෂයෙන් ප්‍රභූ පංතිය සීසීකඩ විසිරී ඇති බවත්,ඉතිහාසයේ එවැනි දේවල් සිදුවන්නේ කලාතුරකින් බවත්,රනිල් නැවත ප්‍රභූ පංතිය එකතු කිරීමේ උපායක මේ දිනවල නියැලී සිටින බවත්, සමහරවිට රනිල් ලංකාවේ ප්‍රභූ පංතිය නියෝජනය කරන අවසන් නියෝජිතයා වියහැකි බවත් දේශපාලන විචාරකයෝ පවසති.
ඒ සඳහා ඔහු උපායිකව ජවිපෙට වැඩෙන්නට ඉඩහැර බලා සිටින බවත්, සජිත්ට මතවාදීව ජවිපෙට මුහුණදීමට ඇති බිය හා නොහැකියාව ගැන දන්නා රනිල් එය පාවිච්චි කරමින් සජබය කඩා යූඑන්පී,ශ්‍රීලංකා,පොහොට්ටු ,චන්ද්‍රිකා,ඇතුලු සියලු දක්ෂිණාංශික කොටස් එකතු කරමින් නැවත ප්‍රභූ පංතියට බලය ගැනීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවත් එම දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.
ඉන් අනතුරුව ආණ්ඩුව ගෙනයන IMF වැඩපිළිවෙලට එරෙහිව මතුවන අරගල මර්ධනය කිරීම සඳහා දැනටමත් මර්ධන පනත් ගණනාවක්ම සම්මත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්,මේ තත්වය වටහාගෙන වම හා ප්‍රගතිශීලීන් (මාලිමාවද ඇතුලත්ව) කටයුතු නොකලහොත්ලො 1977 වූ පරාජයට වඩා භයානක තත්වයකට රටට හා ජනතාවට මුහුණදීමට සිදුවන බව ත් ඔවුන් පවසයි....
0 Comments