ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
සීඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.
කෙසේ වෙතත් මේ වන තෙක් පොලිස්පතිවරයෙකු පත් කිරීම සඳහා නිර්දේශිත නමක් ව්‍යවස්ථාදායක සභාවට ලැබී නැති බව එහි සාමාජිකයෙකු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාරව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ වර්ෂ 1998.02.23 වන අතර, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබුවේ 2019.11.20 දිනය. ඒ මහතා විශ්‍රාම ලබන්නේ වර්ෂ 2032.03.07 දිනය. කෝවිඩ් ව්‍යාප්තිය පාලනය, පාතාල ක්‍රියා මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක කටයුතු හා සිය යටත්පිරිසෙහි නිළධාරීන්ගේ සුභසාධන හා පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඉතා වෙහෙසකර ව්‍යායාම් රැසක නිරත වී සිටින නිළධාරියෙකි..
සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැදුනු තෙන්නකෝන් මහතා, දිවයිනේ විවිධ දිස්ත්‍රික් භාරව කටයුතු කර, වර්ෂ 2006 දී, පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලබා, සිය මුල්ම කොට්ඨාස භාර පත්වීම ලබන්නේ නුවරඑළියටය. පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලැබ, දින 05 කින් කොට්ඨාස භාර නිළධාරියෙක් ලෙස පත්වීම් ලැබ, එතෙක් මෙතෙක් පොලිස් ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ දැඩි අවධානය හා විශ්වාසයට පාත්‍ර වෙමිනි.
නුවරඑළිය කොට්ඨාසයෙන්, ශ්‍රී ලංකාවේ තවත් අභියෝගාත්මක පොලිස් කොට්ඨාසයක් වන නුගේගොඩ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වශයෙන් පත්වන ඔහු, මිරිහානේ පිහිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසය සිසාරා ප්‍රජා පොලිස් ඒකක පිහිටුවන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ සංකල්පයක් මත පොලිස් සේවයට එක්වූ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමිනි.
2011 වසරේදී, ජේෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලද තෙන්නකෝන් මහතා, නුගේගොඩට සමුදී, මාතර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත්වීම් ලබන අතර, වර්ෂ 2011-2015 මාතර පොලිස් කොට්ඨාසය ස්වර්ණමය කරමින්, වර්ෂ 2015 දී, සිය නියෝජ්‍ය පොලිස්පති උසස්වීම ලබන්නේ වන්නි දිසාව භාරවය. වන්නි දිසාවේ සිට, පොලිස් පරිපාලනයේ තවත් අභියෝගාත්මක දිසාවක් වන බස්නාහිර – උතුරු දිසාව භාරව හා අපරාධ / අපරාධ බුද්ධි තොරතුරු දිසාව හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ඉතා ක්‍රියාකාරී ලෙස රාජකාරි ඉටුකල නිළධාරියෙකි.
ඉන් අනතුරුව, වර්ෂ 2019.11.29 දින, රාජකාරි ආවරණ පදනමින් වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිළයට උසස්වීම් ලබන දේශබන්දු තෙන්නකෝන් මහතා, 2019.12.05 දින බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලබයි. වර්ෂ 2020.01.01 දින සිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිළයේ ස්ථිර වන ඒ මහතා, මේ දක්වා පුරා වසර 03 කුත් මාස 10 ක් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර හොබවයි.
කොළඹ ආරක්ෂාව සඳහා සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනය සඳහා ආරක්ෂක ‘Security Eye’ නමැති සංකල්පය හඳුන්වාදෙනු ලැබුවේ තෙන්නකෝන් මහතා විසින්ය.
එමෙන්ම පතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් මර්දනය කිරීම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්දනය කිරීමේලා මහඟු සේවයක් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා මහජන ආරක්ෂක කමිටු පිහිටුවා පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධයක් ගොඩනැඟීමට ද කටයුතු කළේය.
2020 වර්ෂයේ මුල් භාගයේ ඇරඹි කොවිඩ් -19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්වලට කොටුවී සිටි ජනතාවට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සපයමින් ව්‍යසන ව්‍යාප්තිය පාලනය කිරීමට මහඟු සේවයක් ඉටු කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතාට හැකි විය.
එමෙන් ම කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසම් සකස් කිරීම බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි මර්දනය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ “සවිය” නම් වූ ප්‍රජා මූල වැඩසටහනද ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළේය.
වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයකි.
විශේෂයෙන් ම, මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදා ද ඒකාබද්ධ කර ගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහ මොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.
එසේ ම, කොවිඩ් – 19 වසංගත සමයේදී ජාතික ප්‍රවාහන සේවා බිඳ වැටී මහජන සේවාවලට බාධා පැමිණි අවස්ථාවේදී ඒවා යථාවත් කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතා මැදිහත් වී සකස් කළ වැඩපිළිවෙළ එකල බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ද ලක්විය.
දේශබන්ධු තෙන්නකෝන්ට පොලිස් සේවයේ වසර 25 ක් සම්පූර්ණ කොට, සුවිශාල අත්දැකීම් හා පරිචයක් ලබා ඇත
0 Comments