රනිල් ගුටිකෑමට නියමිතයි !! චමීර පෙරේරා කියයි ....

 


සරලවම කියනවනම් ඉදිරි මාසය,දෙක ඇතුලත රනිල් වික්‍රමසිංහ ගුට්කෑමට නියමිතයි .ඝෝඨාභයට අත්වූ ඉරණම ඔහුටත් සිදුවෙන්න නියමිතයි .හේතුව තමයි රනිල් මේ සර්කස් පෙන්වන්නෙ දැන් ණය ගෙවන්නේ නැති නිසා .එක ණය වාරිකයක් ගෙව්ව ගමන් සංචිත බිංදුවට බහිනව.එවිට තෙල් ,ගෑස් අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගේන්න අතේ පිච්චියක් නැති වෙනව.ඝෝඨට උනෙත් ඒක .නැවත තෙල්  ගෑස් පෝලිම් හැදිල මිනිස්සු පාරට එනව.එවිට රනිල්ටත් වෙන්නෙ ඇඳිවතත් නැතුව යන්න.ඔහු මේ බව සඳහන් කළේ අද මාධ්‍ය සාකච්ඡාවකදී ය.

තව දුරටත් ඔහු පැවසුවේ තවම මේ රට බංකොලොත් රාජ්‍යයක් .⁣මිනිස්සු තමන් විසින්ම පටිතදකරගෙන ඉන්නෙ.තුන්වේල කන ගෙයක් හොයාගන්න නොමළ ගෙයකින් අබ මිටක් හොයාගන්නව වගෙ වැඩක්.

අධ්‍යාපනයට, සෞඛ්‍යයට,බලශක්තියට මිනිස්සුන්ට ප්‍රවේශය ක් නෑ.මිනිස්සු එක බල්බ් එකකින් මුළු ගෙටම එළිය ගන්නෙ.විදුලි ස්ත්‍රික්කය වෙනුවට පොල්කටු ස්ත්‍රික්කයට බැහැල.ගල් යුගයට අරගෙන යන්නෙ රනිල් .ආර්ථිකය 40%කින් හැකිලිලා.ආයෝජකයො මේ බංකොලොත් රටට එන්නෙ නෑ.ඒ වෙනුවට රජය ආයෝජනය කරන්න ඕන.වෙළඳපළට රජය මැදිහත් වෙන්න ඕනෑ .ඒව කරන්නෙ නෑ.රනිල් පහසුකම් සපයන්නේ මිනිහගෙ ජාවාරම්කාර පැලැන්තියට.දයා ගමගේට,අර්ජුන ඇලෝසියස්ල වගෙ ජාවාරම් කාරයන්ට.බැංකු ණය කෝටි ගණන් කපා හැරිය .

ඒ හින්දා මේ රනිල්  ප්‍රමුඛ  IMFකල්ලියට එරෙහි සටන ළඟ එනවා.එය පංති සටනක්.බුරුෂුවා සටනක් නෙමේ.රනිල් යනු කිසිම හිතක් පපුවක් නැති මේ රටේ මිනිස්සු සමතලා කරන අධම මිනිහෙක් .මේ ජුන්ටාව පරාජය කිරීමට IMFවිරෝධී අලුත් පොදු ජන දේශපාලන නායකත්වයක් ගොඩනැගෙමින් එනවා.මෙවර සිහිබුද්ධියෙන් සටන් කරමු.යැයි චමීර පෙරේරා පැවසීය .

Post a Comment

0 Comments