රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොකළ හොත් තමා උපවාසයක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත .එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් වන්නේ ,ඉරාන් වික්‍රමරත්න ,දයාසිරි ,මහාචාර්ය චරිත හේරත් ,ගාමිණී වලේබොඩ,නලින් බණ්ඩාර ,රාසමාණික්කම් හේෂා විතාන හා එස් එම් මරික්කාර්ය.
ඔවුන් පවසන්නේ මීට පෙර කෝප් කමිටුවේ සභාපති ධූරය දරා ඇත්තේ උගත් ,බුද්ධිමත් ,වැදගත් අය බවයි.රෝහිත අබේගුණවර්ධනට එල්ල වන චෝදනා අනුව ඔහු යටතේ ක්‍රියාකළ නොහැකි බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය .ඉරාන් වික්‍රමරත්න පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සම්බන්ධයෙන් පවතින මහජන ව්ශ්වාසය මේ වනවිට බිඳවැටී ඇති බවයි.චම්පික රණවක මන්ත්‍රීතුමා පැවසුවේ කෝප් කමිටුවේ කටයුතු කළ හොඳම සභාපතිවරයා ඩිව් ගුණසේකර බවයි .
තවත් පුවත් :
0 Comments