ඔය ජී.එල්.පීරිස් ගැන කියන්න දෙයක් නෑ .ජී.එල් පීරිස් ශත25,ශත50 අඳුරන්නෙ නෑ .වාහනෙන් බොරැල්ල ටවුමෙන් බැස්සුවොත් ගෙදර හොයාගෙන යන්න දන්නෙ නැහැ .එහෙම එවුන් තමයි ඔයාල ඔය විපක්ෂයෙ තියාගෙන ඉන්නෙ .
රාජ්‍ය ඇමති චාමර සම්පත් මේ බව ප්‍රකාශ කළේ කථානායකවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ඔය ජී.එල් පීරිස් ඉස්සරහ සීට් එකේ වාඩිවී ඉන්න ඩ්‍රයිවර්ව අඳුනන්නෙ නෑ.එහෙමයි ජී.එල් පීරිස් .කාර්එකේ දොර ඇරියම නගිනව.ගෙදර ගිහින් බහිනව .එහෙම නායකයො ඔය.ඔය නායකයො තියාගෙන පරිප්පු
කන්න එපා කියල විපක්ෂයට කියනව.මේ විශ්වාස භංගයත් අනිවාර්යයෙන්ම පරදිනවා.
මේ කතාවෙන් පැහැදිලි වන්නේ අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ තත්ත්වයයි.ජී .එල් පීරිස් මැතිතුමාගේ දේශපාලනය අපිද අනුමත කරන්නේ නැත.එහෙත් ජී.එල් පීරිස් යනු මහාචාර්ය වරයෙකි.ඔහු නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත ,සාක්ෂි නීතිය ඇතුළු පොත් ගණනාවක් පළ කල,කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඪයේ පීඪාධිපති ලෙසද කටයුතු කළ මහා ප්රාඟ්රයෙකි.
එවැනි බුද්ධිමතකුට මෙසේ ඇමතීම ගැන ඔබම විනිශ්චයකට පැමිණෙන්න.
..... විමර්ශක ....
තවත් පුවත් :
0 Comments