විපක්ෂයේ බලවේග කෑලි වලට කඩා බලය ඩැහැගැනීමේ රනිල් උපාය !


මීළඟ ජනාධිපතිවරණයට කළින් විපක්ෂයේ පක්ෂ හා බලවේග කඩා තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ උපාය මාර්ගය දෙසට රනිල් තම ධූර කාලයේ ඉතිරි කාලය වෙන්කර ඇති බවදැනට පවතින දේශපාලන හැඩතල අනුව  පැහැදිලි වේ.

දැනටමත් පෙනීයන පැහැදිලි කරුණක් වන්නේ එකිනෙකාගෙන් වෙන්වීමට නොහැකි ලෙස පොහොට්ටුවේ බලය තම ග්‍රහණයට  ගැනීමට රනිල් සමත් වී ඇති බවයි.පොහොට්ටුවට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු පවා සොයා ගැනීමට නොහැකි වී ඇත .නාමල් ඒ සඳහා ප්‍රමාණවත් නොවන  බව පොහොට්ටුවේ ප්‍රබලයෝ පවසති.

මීළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි වලට කඩා එහි වාසිය රනිල් වෙතට නෙලාදීමේ දේශපාලන ක්‍රීඩාවක චන්ද්‍රිකා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරු ටික නීරතවී සිටින්නේ රනිල්ගේ උපාය අනුව බව පෙනේ.

එහෙත් රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තවම ස්ථිර සාර ලෙස පවසා නැත .එයට හේතුව වන්නේ තවමත් තමාට ජනාධිපතිවරණය  ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය ජනමතය ලබා ගැනීමට නොහැකි වී තිබීමයි .රනිල් වික්‍රමසිංහ පරාජය වෙන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහුගේ අතීත ක්‍රියාකළාපයෙන් පෙනේ.ෆොන්සේකා ,සජිත් ,දැම්මේ ඔවුන් පරාජය වන බව රනිල් හොඳට දැන සිටි නිසාය .

එබැවින් ඔහු පරාජය වනබව පෙනෙන්නේ නම් වෙනදා මෙන්ම තම පංතිය හා ධනපති ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් ධනපති අපේක්ෂකයකුට උදව් කරනු ඇත .

කෙසේ වුවද ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ද, නැද්ද යන්න ප්‍රකාශ කිරීමට තවදුරටත් කල් මැරිය නොහැක .

ඒ නිසා ඔහුගේ අවසාන තුරුම්පුව ගැසීමට ඔහු මේ වනවිටත් ආරම්භ කර ඇති බව දේශපාලන විචාරකයන් ගේ මතය වී තිබේ .එනම් සමගි ජනබලවේගය ගෙඩිය පිටින්ම තම අණසකට ගැනීමය.ඒ සඳහා තලතා අතුකෝරළ ඇතුළු රාජිත ,හර්ෂ ,එරාන්,කබීර් ඇතුළු පාර්ශවය එම මෙහෙයුම සජබ තුල ක්‍රියාත්මක කරන බව පෙනේ.

එසේ වුවහොත් දෙමළ මුස්ලිම් පාර්ෂවයන්ගේ සහාය ද ඇතුව රනිල් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම ඔහුගේ උපාය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .

 .......  විමර්ශක ......

තවත් පුවත් : 

Post a Comment

0 Comments