"අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා " රටක් වටින චමරි අතපත්තුට ICCයෙන් ලැබුණ වටිනාම සම්මානය.


චමරි අතපත්තු කියන්නේ ශ්‍රී ලංකාවෙන් කාන්තා ක්‍රිකට් වංශ කතාවට බිහිවුණ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක්.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී ප්‍රථම ස්ථානයේ රැඳී සිටින ඇය දෙස් විදෙස් විස්තර විචාරකයින්ගේ කතාබහට ලක් වුණු තුන් ඉරියව් ක්‍රීඩිකාවක්.

පසුගිය කාලය පුරාවටම අමතක නොවන ඉනිම් රාශියක් ක්‍රීඩා කළ ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා දී තිබෙනවා.

කාන්තා ක්‍රිකට් ලෝකයේ පුරාවෘත්තයක් බඳු ඇය මේ සම්බන්ධව ඇයගේ ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.

" අවසානයේ මගේ සිහිනය සැබෑ වුණා " යනුවෙන්.


තවත් පුවත් : 

Post a Comment

0 Comments