මතීෂ පතිරණ කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලංකාවේ ඉන්න දක්ෂ පන්දු යවන්නෙක්.
මේ දිනවල ඔහු ඉන්දියාවේ පොහොසත්ම ප්‍රිමිය ලීගය ලෙස හඳුන්වන ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු චෙන්නායි ඇතුළු සමස්ථ ඉන්දියාවේම අතිශය ජනප්‍රිය යොවුන් ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.
චෙන්නායි තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත්ව ඇති මතීෂට තිබෙන තරුණියන්ගේ ආකර්ෂණය සම්බන්ධ වීඩියෝපට රාශියක් සමාජ ජාලා තුල දැක ගැනීමට හැකියාවක් පවතිනවා.
ඒ වගේම තමයි මතීෂ පතිරණ ගැන කතා කරද්දි ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන මහේන්ද්‍ර සිං දෝණි ගැනත් ක්‍රිකට්ලෝලීන්ගේ වැඩි කතාබහක් දක්වනවා.
ඉතිං මතීෂ ඔහු ගැනත් සිය අදහස් පළ කරලා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්.
" මගේ තාත්තගෙන් පසුව මගේ ක්‍රිකට් ලෝකයේ පියා ඔහුයි.ඔහු හැම වෙලාවෙම මාව ආරක්ෂා කරනවා වගේම මම කරන්න ඕනි මොකක්ද කියන එක ගැන ඔහු මට උපදෙස් දෙනවා.
මම ගෙදර ඉද්දි මම මගේ තාත්තා එක්ක ඉන්නව වගෙයි ඔහු සමග සිටිද්දි.එය මට ප්‍රමාණවත්.
චෙන්නායි සුපර් කිංග්ස් යූ ටියුබ් චැනලය සමග අදහස් දක්වා තිබූ මතීෂ අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එය චෙන්නායි රසිකයින්ගේ දැඩි ආදරයට පාත්‍රව තිබෙනවා.
" මහී බායි ඔබට තවත් එක සීසන් එකක් ක්‍රීඩා කරන්න පුළුවන් නම් අප සමග සෙල්ලම් කරන්න.මමත් මෙහි සිටිනවා නම්. "
තවත් පුවත් :
0 Comments