ළහිරු කුමාර පසු කළ කඩයිම.


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර තම 100 වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට අද (05) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඒඩින් මක්‍රම්ගේ කඩුල්ල දවාගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 100ක් දවාගත් පස්වන ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා පොත් අතරට එක් වුණේ.

ළහිරු කුමාර මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 33කට ක්‍රීඩා කර තිබෙනවා.

Post a Comment

0 Comments