මාස 9කදී සිය නිල රථවලට ලක්ෂ 334ක තෙල් ගැසූ හිටපු කථානායකවරයෙක් ගැන අනාවරණයක්.

 


හිටපු කථානායකවරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සිය සේවා කාලය තුළදී භාවිත කළ වාහන සහ ඉන්ධන සඳහා වියදම් කළ මුදල් සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (27) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් සිදුකළා.

ඒ අනුව 2024 නොවැම්බර් දක්වා කාලය තුළ කථානායක නිල නිව​සේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 70 ක් සිට තිබෙන බව අමාත්‍යවරයා පවසා සිටියා.

2024 ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා හිටපු කථානායකවරයා වාහන 09 ක් භාවිත කර තිබෙන බවත්, එම මාස 09 ක කාලයට පමණක් ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 334 ක් වැයවී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම හිටපු නියෝජ්‍ය කථානායකවරයා වාහන 06 ක් භාවිත කර ඇති අතර, මාස 09 ට ඉන්ධන සඳහා ලක්ෂ 135 ක් වියදම් කර ඇති බවත් පැවසු බිමල් රත්නායක මහතා හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති වාහන 04 ක් භාවිත කර ඇති බවත්, ඒ සඳහා ඉන්ධන වශයෙන් රුපියල් ලක්ෂ 72 ක් වියදම් කර ඇති බව ප්‍රකාශ කළා.

මාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ වර්තමාන කතානායකවරයාගේ ජනවාරි මාසය සඳහා සම්පූර්ණ වියදම 33,000 ක් පමණක් බවයි.

Post a Comment

0 Comments