මාව අත්අඩංගුවට ගත්තොත් කවුරුත් පුදුම වෙන්න එපා – නාමල් රාජපක්ෂ.


 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපති ,මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ඇතුළු මහා සංඝ රත්නය විසින් මෙහිදී ආගමික වතාවත් ඉටු කරන ලදි .

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය .

“අපේ ‘ගමින් ගමට’ වැඩසටහන රට පුරා ගෙන යමින් ජනතාව පක්ෂය වටා ඒකරාශී කරමින් සිටිනවා.ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ගම පිළිගත් ඉතා හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

එදා දිනපතා ප්‍රවෘත්ති බලනකොට අපි දැක්කේ රටේ සංවර්ධන ව්‍යාපෘති .මුල්ගල් තැබීම්.විවෘත කිරීම්.අද ප්‍රවෘත්ති බලන කොට ජනතාව බියට පත් වෙනවා .සංවර්ධනය වෙනුවට දකින්නේ වෙඩි වරුසාවල්. එදා මුළු රටම වැඩ බිමක් බවට පත්වී තිබුණා.අද ජනතාවට මර බිය දැනෙනවා .පසුගිය කාලය ගැන විවේචනය කරමින් නොසිට රජය මේවාට පිළිතුරු සෙවිය යුතුයි .

එදා ලොව බිහිසුණුම ත්‍රස්තවාදය තුරන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වුණා. මේ ආණ්ඩුව කරන්නේ පසුගිය ආණ්ඩු විවේචනය කරමින් සිටීම පමණයි.”

Post a Comment

0 Comments