ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (26) වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාතථා වන්නේ.
පරාක්‍රම නිරිඇල්ලගේ “සිරි මැදුර” චිත්‍රපටයේ රංගනය කරමින් සිංහල සිනමාවට රංගනයෙන් අත්පොත් තැබූ ඔහු ඉන් අනතුරුව “ගුරු ගෙදර”, “කෙළිමඬල”, “මාරුතය”, “සුදු සෙවණැලි”, “සිහින දේශයෙන්”, “අන්තිම රැය”, “සුදු සෙවණැළි”, “මාතා”, “පත්තිනි”, “ඝරසරප” සහ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්”, “සිකුරු හතේ” වැනි චිත්‍රපට රාශියක එකිනෙකට වෙනස් චරිතාවලියක් රඟ දැක්වූවේය.
0 Comments