ලබන මස රජයේ සැප වාහන වෙන්දේසි කරයි.


පසුගිය ආණ්ඩු සමයේ දී මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාහන තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට නිම කර ඇති බවයි වාර්තා වන්නේ.

නාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මේ වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ දී වෙන්දේසි කරන බවට පසුගියදා 2025 අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments