ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) පැවැත්වුණා.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනු ලැබුවා.
වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කටයුතු කරනු ලැබුවා.
පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබාදෙන ලෙසත් එහිදී විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
0 Comments