විදුලි බිල යළි ඉහළට ?

 


මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග විදුලි ජනනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බව වාර්තා වනවා.

එබැවින් ඉදිරියේදී විදුලිබිල සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, මාතලේ ඊයේ (24) පැවති වැඩසටහනකට එක්වෙමින්.

“විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා. විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ. එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”


Post a Comment

0 Comments