කතරගම පොදු බස් නැවතුම්පොළ අසළ ඇති වැසිකිළිය ආසන්නයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇත.
වයස අවුරුදු 35-40 අතර වයසක පසුවන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි කතරගම පොලිසිය සඳහන් කළේ.
මොහු දින කිහිපයක සිට කතරගම නගරයේ සැරිසරා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ව්වත්විමට නියමිත අතර, කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
0 Comments