නාමල් රාජපක්ෂ CIDයට පැමිණෙයි.

 


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ ඇත.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

Post a Comment

0 Comments