දේශබන්දු තෙන්නකෝන්ව සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

 


අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලැබී ඇති තොරතුරු අනුව රටින් පිටව ගොස් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (06) පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බව ද සඳහන් කළේය.

එමෙන්ම කිසියම් හෝ පුද්ගලයෙක් හිටපු පොලිස්පතිතුමන්ට සැඟව සිටීමට ආධාර සපයන්නේ නම් දණ්ඩනීති සංග්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ දඬුවම් කරන බවත් ඔහු පවසා සිටියා.

Post a Comment

0 Comments