ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස සිව්වැනි වරටත් පත් වූ ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද ප්‍රධාන කමිටු ත්‍රිත්ත්වයකට පත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC)
- මානව සම්පත් සහ වේතන කමිටුව (HR & Remuneration Committee)
- මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව (Finance & Commercial Affairs Committee)
- නාමයෝජනා කමිටුව (Nominations Committee)
යන අංශ තුන සඳහා ෂම්මි සිල්වාව පත් කර තිබෙනවා.
පසුගියදා (31) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත් වුණා.
0 Comments