සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් තම සංගමය කම්පනයට ලක්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.

විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ මෙම සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා එල්ලවෙමින් ඇති බවයි.


Post a Comment

0 Comments