හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර තිබේ.
කලක් තිස්සේ දණහිසේ පැවති ආබාධයක් හේතුවෙන් ඔහුව මෙලෙස සැත්කමකට භාජනය කර තිබේ.
මින් පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් කරන ලද අතර මෙවර සැත්කම සිදු කර ඇත්තේ අනෙක් දණහිසටයි.
සැත්කමින් අනතුරුව ඒ මහතා මේ දිනවල විවේකී සුවයෙන් පසුවන අතර තවත් සති කිහිපයකින් යළිත් සුපුරු දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
0 Comments