ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් දැවැන්ත ශුද්ධ ලාභයක් වාර්තා කරයි.

 


LOLC ෆිනෑන්ස් පීඑල්සී, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් සලකුණක් සටහන් කරමින්, 2025 මාර්තු 31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 25 ක කැපී පෙනෙන බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.

මෙමගින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ වාර්තා වූ රුපියල් බිලියන 21.5 ක ලාභයට සාපේක්ෂව ආකර්ෂණීය වැඩිවීමක් සටහන් කරමින් දශාංශ දෙකක ලාභ වර්ධනයක් ලබාදී ඇත. ඓතිහාසික සන්ධිස්ථානයක් පසුකරන මෙම ක්‍රියාකාරීත්වය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවමින් LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු හා සම සමව ජාතික ආර්ථිකයේ පුරෝගාමියෙකු ලෙස තරඟ කරන මූල්‍ය ආයතනයක් බවට පරිවර්තනය වීම පිළිබඳ කරුණු තහවුරු කරයි. 

LOLC ෆිනෑන්ස් හි මෙම ප්‍රබල ක්‍රියාකාරීත්වය, මූල්‍ය ඇතුළත් කිරීම, ඩිජිටල් නවෝත්පාදනය සහ කෂේත්‍රයේ නායකත්වය මත පදනම් වූ ශක්තිමත් දූරදර්ශී උපාය මාර්ගයක ප්‍රතිඵලයකි. රුපියල් බිලියන 305 ඉක්මවන ණය කළඹක් සහ රුපියල් බිලියන 225 ක තැන්පතු සංචිතයක් සමඟ LOLC ෆිනෑන්ස්, ජාතියේ ප්‍රමුඛ බැංකු හා සෘජුව සැසඳිය හැකි මූල්‍ය ශක්තියක් පෙන්නුම් කර ඇත. සමාගම විසින් මෙම කාලය තුළ වාර්තා කරන ලද තවත් කැපී පෙනෙන මූල්‍ය දර්ශකයක් වන්නේ 4.97% ක් වූ එහි ශුද්ධ අක්‍රීය ණය අනුපාතයයි (NPL). පෙර වසර තුළ වාර්තා වූ 10.48% ක අක්‍රීය ණය අනුපාතයට සාපේක්ෂව එහි කැපී පෙනෙන ප්‍රගතියකි. 


Post a Comment

0 Comments