ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්.


ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා.

පෞද්ගලික නාලිකාවක විකාශය වූ  සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී ඇති බවයි.

කෙසේවෙතත්, ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට තවමත් තොරතුරු අනාවරණය වී නොමැති අතර,සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙවැනි සැකකාරියක් නීතියේ රැහැනින් ගැලවීමේ විරල අවස්ථාවක් පැවතිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

“අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ.”


Post a Comment

0 Comments