ඩුබායිහි පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග මිනිත්තු 30 කින් ප්‍රමාද කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් 9 වැනිදා සිට 28 වැනිදා දක්වා ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්හි පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.
මීට පෙර තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
එහෙත්, තරග පැවැත්වෙන වේලාවේදී ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන බැවින් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම තීරණයට එළැඹි බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනු ලැබුවේ.
කෙසේ වෙතත්, තරග 19 කින් සමන්විත මෙම තරගාවලියේ දී එක් තරගයක් පමණක් වේලාවේ වෙනසක් නොමැතිව පැවැත්වෙන අතර, ඒ තරගාවලියේ සත්කාරකයන් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය අතර පැවැත්වෙන දිවා/රාත්‍රී තරගයයි.


0 Comments