සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ අනුව, ජාතික ජන බලවේගය තුළ වත්කම් තිබෙන අය, පුද්ගලික වත්කම් යොදා නොගන්නා පිරිස් මෙන්ම, වත්කම් නොමැති පිරිස්වලටද පූර්ණ කාලීනව දේශපාලනය කළ හැකි බව ඊයේ (22) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
නමුත්, අනෙකුත් දේශපාලන පක්ෂවලට එය කිරීමේ හැකියාවක් නොමැති බවත්, ඔවුන් මහජන ධනය මංකොල්ල කෑ පිරිසක් බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ම ප්‍රකාශ කර ඇති කෙහෙල් කැන් ලබාදීම හා ඉන්ධන ලබා ගැනීමට ලබාදෙන මුදල් නොගෙන දේශපාලනය කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැතිද යන්නයි.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුට ගැටලුවක් පැවතිය නොහැකි බවත්, "උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනවා නම්, ගන්න කෙනත් කැමැත්තෙන් ගන්නවා නම්, අනිත් අයට පාන්ද?" යන්නයි.


0 Comments