කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් හා ග්‍රෑම් 262ක් තිබී සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් බව සඳහන්.
වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු විසින් මෙම පාර්සල් කිහිපය දැක ඇති අතර, ඔහු ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිනවා.


0 Comments