මේ මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නා.
එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී අද දින ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, කථානායකරයා පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබෙනවා.


0 Comments