වෙඩි ප්‍රහාරයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත්වෙයි


වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.



Post a Comment

0 Comments