අම්බොක්කේ නායයෑමෙන් දිවි අහිමි වූ එකම පවුලේ හත්දෙනෙකුගේ සිරුරු සොයාගත් සුරතලා


එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් ඇති බව ආරංචි වුවත් ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූ මොහොතක නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන්ව සියලුදෙනාගේම හදවත් කම්පා කරමින් සොයා ගැනීමට සමත්විමයි.

අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවක් පමණ මේ වන විට ඉවත් කොට විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වල ජීවත් වන බව ගම්මුන් පවසති.

නායයෑම් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

එහෙත් නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්වෙන ලෙස දැනුම්දීම හේතුවෙන් තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.

එම නිසාවෙන් පාසල් ආරම්භයට පෙර කඩිනමින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

(source – adaderana)

Post a Comment

0 Comments