කැන්ගරුවන්ට සිංහ පැටවුන්ගෙන් අමතක නොවන පාඩමක්

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (16) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සුපිරි අටදෙනාගේ (Super 8) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද විශේෂත්වයකි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 181ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් ලබාගනිමින් ඉතා පහසුවෙන් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 50කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් අගනා ශතකයක් වාර්තා කළේය.

මෙය 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවෙකු රැස්කළ ප්‍රථම ශතකය ලෙස ඉතිහාසයට එක්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත් අතර, පවන් රත්නායක නොදැවී ලකුණු 28*ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

The post කැන්ගරුවන්ට සිංහ පැටවුන්ගෙන් අමතක නොවන පාඩමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Kc0myhQ

Post a Comment

0 Comments