ජාත්‍යන්තර රතු නිවේදන (Red Notices) නොමැතිව වුවද, විදෙස් රටවල සැඟව සිටි ප්‍රබල අපරාධකරුවන් 14 දෙනෙකු මේ දක්වා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
අද (27) අලුයම ඉන්දියාවේ සිට රැගෙන ආ ‘පොඩි ලැසී’ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සෘජු මැදිහත්වීම මත මෙම මෙහෙයුම් සාර්ථක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
“පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ වගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා.”
The post ඉන්දියාවේ සිට රැගෙන ආ පොඩි ලැසී ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු රැසක් හෙළි කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hmQ42eq

0 Comments