දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව මහජනතාවට අත්‍යවශ්‍ය වන සේවාවන් රැසක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.
නව සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ එදිනෙදා ජීවිතයට වැදගත් වන මූල්‍ය සහ දේපළ ගනුදෙනු රැසකදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.
ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා එය ඉදිරිපත් කළ යුතුය.

The post TIN අංකය ලබා නොගත්තොත් ලෙඩ ගොඩයි! අප්‍රේල් සිට තවත් සේවා රැසකට TIN අංකය අත්‍යවශ්‍ය වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/x9pYCEh

0 Comments