වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා සිය නිල සංචාරය සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
ජනාධිපතිවරයා සමඟ එරට ඉහළ පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු 200කට අධික දූත පිරිසක් මෙම සංචාරයට එක්වන බව වාර්තා වේ.
මෙම සංචාරයේ විශේෂම අවස්ථාවක් ලෙස වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ඇමතීමට නියමිතව තිබේ.
මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
The post වියට්නාම ජනපති අද දිවයිනට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/IGPmpfU

0 Comments