වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලම් මහතා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

එම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති ටෝ ලාම් සමග පැමිණි වියට්නාම දූත පිරිස අතර එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරක නිතරව සිටි අතර, ඒ අනුව ඔහු මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇත.

The post වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OdoD0Yr

Post a Comment

0 Comments