ජාතිවාදයට,අධිරාජ්‍යවාදයට හා සමාජ අසාධාරණයට විරුද්ධව තම ජීවිතය පවා කැපකළ මේ රටේ දේශපාලනයේ මානවවාදී නායකයකු වූ විජය කුමාරතුංග මහතා ම්ලේච්ඡ යන් විසින් ඝාතනය කළාට පසුව ,ඔහුගේ උතුම් ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බවට සපත කළ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හදිසියේම සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇතැයි ඉතාම විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිරාජ්‍යවාදීන්ගේ වැඩ පිළිවෙල iMF හරහා ක්‍රියාවට නගන ලෙස රජයට උපදෙස් හා අනුබලදුන් හර්ෂ ද සිල්වලා නායකත්වය දරණ සජබට මහජන පක්ෂය ගෙන ගොස් ගැට ගැසීම වෙනුවෙන් කුමන ප්‍රථිලාභ ලැබුවේද යන්න රහසකි.
ජාත්‍යන්තර ප්‍රාග්ධන ජාවාරමේ ඉත්තා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට පාර කපා ඇත්තේ මේ රටේ ජනතාවාදී ජන බලවේගය විසින් පසුගිය කාලය පුරා ආරක්ෂා කරගෙන නඩත්තු කරගෙන පැමිණි සියලු රාජ්‍ය සම්පත් දේශීය හා විදේශීය පුද්ගලික අංශයට පැවරීමට ය.එබැවින් රටත්,ජනතාවත්,ජාතික දේපොලත්,ජාතික නිදහසත් මෙම IMF ව්‍යසනයෙන් මුදවා ගැනීමේ සටනට පිටුපස හරවා IMF රකින සජබ සමඟ මහජන පක්ෂය එකතු වන්නේ නම් එය විජයගේ ජනතාවාදී ප්‍රතිපත්ති පාවාදීමක් බව එම පක්ෂයේ ප්‍රබලයකු පවසා ඇතැයි සැලය.
තවත් පුවත් :
- එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි !
- විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපති කියයි.
0 Comments