නිමාවට පත් වූ ටෙස්ට් තරගය ගැන මැතිව්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


නිමාවට පත් වූ ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සිය විමතිය පළ කර තිබෙනවා.

එහි දී ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී න්දුව මාරු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තරගයේ රිද්මය වෙනසකට ලක් වූ බවයි.

පන්දුව ආදේශ කිරීමට තරම් පැරණි පන්දුවක් නොමැති බව විනිසුරුවරුන් විසින් තමන්ට මෙන්ම කමිඳු මෙන්ඩිස් වෙත දන්වා සිටි බව ද මැතිව්ස් ප්‍රකාශ කළ බව සඳහන්.

ටෙස්ට් තරගයකදී පන්දු ආදේශ කිරීමේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි, එහි දී ඔහු අවධාරණය කර ඇත්තේ.

පන්දුව විනිසුරුවන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීම තුළින් තරගයේ වාසිය එංගලන්ත කණ්ඩායම වෙත දෝලනය වූ බව ද ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 05කින් ජයගැනීමටයි එංගලන්ත කණ්ඩායම සමත් වුණේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 236ක්.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 358ක්.

එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිට තම දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments