ලිංගික නිර්ණායන් වෙනස් වෙයි..මිනිසා වඳවී යාමේ අවදානමක්.

 


මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි, අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ.

ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව විද්‍යාඥයින් මත පළකරන්නේ, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බවයි.

ඒ අනුව මානවයාගේ නව ලිංගික ජානයක් පරිණාමය නොවුවහොත් වසර මිලියන ගණනක් තුළ මිනිසා වඳවී යාමේ අවදානමක් පවතින බවයි විද්‍යාඥ මතය වී ඇත්තේ.

තවත් පුවත් :

Post a Comment

0 Comments