රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

 


එසේ හෙයිව් අරවින්ද කුමාර් මහතා අභියාචානාධිකරණයටද අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, අභියාචනාධිකරණයෙන්ද එම තින්දුවම ලබා දි තිබුණි.

නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමග දේශපාලනය බලය භාවිතා කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැදි සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට ලබාදෙන බවයි වතුයායේ නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසිමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත විය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments