එක්දින ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවෙයි! එංගලන්තය, දකුණු අප්‍රිකාව පරදා කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය ලබයි!


එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ අනුව මෙම ජයග්‍රහණය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව වාර්තා වූ විශාලතම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්විය.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 414ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූයේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

එංගලන්තය 414/5 (පන්දුවාර 50)

ජේකොබ් බෙතෙල් 110 (82), ජෝ රූට් 100 (96), ජෙමී ස්මිත් 62 (48), ජොස් බට්ටලර් නොදැවී 62 (32), කෝබින් බොෂ් 2/79, කෙශාව් මහරාජ් 2/61

දකුණු අප්‍රිකාව 72/10 (පන්දුවාර 20.5)

කෝබින් බොෂ් 20, කෙශාව් මහරාජ් 17 (17), ජොෆ්රා ආචර් 4/18, ආදිල් රශිඩ් 3/13, බ්‍රයිඩන් කාර්ස් 2/33


Post a Comment

0 Comments