සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඇතුල්කෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී ලබන සඳුදා (සැප්. 8) පැවැත්වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ‘ඉරිදා මව්බිම’ පුවත්පතට පවසා තිබේ.
ඒ අනුව, සජබ හා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ කාර්යාලය වෙත කැඳවීමක් කර තිබෙන බවත් ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා එසේ කැඳවා ඇති බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා පැවසීය.
මෙම සාකච්ඡාව වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්දැකීම් ලබාගෙන ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සජිත් ප්‍රේමදාස මහතාගේ සැලසුම බවට පත්වී ඇති බවත් ඔහු කීවේය.
එළැඹෙන අඟහරුවාදා (සැප්. 9) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඊට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස් හා දැනුම ලබාගැනීමට සජබ නායකයා බලාපොරොත්තුවෙන් සිටින බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා පැවසීය.
0 Comments