සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද සවස 5.00ට ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වනවිට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය දෙපිලටම තීරණාත්මක වේ.
දෙවන පන්දුවාර විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් උරුම වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 80ක් පමණි.
පන්දුවාර විස්ස ආසියානු කුසලාන තරගාවලියට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් පන්දුවාර විස්ස තරගය මෙය වීම විශේෂත්වයක්.
0 Comments