ඉන්ධන මිල යලි ඉහලට.. සියළුම ඉන්ධන 500 සීමාවේ.. යෝජිත වැඩකිරීම මෙන්න..

 


හෙට දින මධ්‍යම රාත‍්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 24 වැනි දින සිදු කරන මිල සංශෝධනය අනුව මෙය සිදු වනු ඇතැයිද හෙතෙම පැවසීය.

එහිදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ආසන්න වශයෙන් රුපියල් 60 කින් ඉහල දැමෙනු ඇති භූමිතෙල් ලීටරයක් රුපියල් දෙසීයකට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බවත් ඔහු කියා සිටියේය.

දැනට යෝජනා වී ඇති මිල ඉහළ නැංවීම මෙසේය.

92 පෙට‍්‍රල් – රුපියල් 74කින්
95 පෙට‍්‍රල් – රුපියල් 78කින්
ඔටෝ ඩීසල් – රුපියල් 56කින්
සුපිරි ඩීසල් – රුපියල් 65කින්

දැනට එම ඉන්ධන අලෙවි කරන මිල ගණන් මෙසේය

92 පෙට‍්‍රල් – රුපියල් 420
95 පෙට‍්‍රල් – රුපියල් 450
ඔටෝ ඩීසල් – රුපියල් 400
සුපිරි ඩීසල් – රුපියල් 445

Post a Comment

0 Comments