2024 වසරේ 20-20 ලෝක කුසලානය මේ වනවිටත් ආරම්භ වී හමාරයි.
කණ්ඩායම් 20 සහභාගී වෙන මෙවර ලෝක කුසලානය ඉතිහාසයේ විශාලතම ලෝක කුසලාන තරගාවලිය බවට සඳහන්.
ඉතින් මෙවර තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම් ගැන විවිධාකාර අදහස් පළ වුණා.
ඒ අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ගැන බොහෝ ප්‍රබලයින් ඉතාමත් ධනාත්මක අදහස් වැඩි වශයෙන් පළ කළා.
මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධව එවැනි අදහස් පළ වුණේ නැහැ.
නමුත් ඉන්දීය දඟ පන්දු යවන්නකු වූ ආර්.අශ්වින් සහ රොබින් උතප්පා ශ්‍රී ල් අංකා කණ්ඩායම ගැන ධනාත්මක අදහස් පළ කර තිබුණා.
රොබින් උතප්පා ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක අරවින්ද සිල්වාට සමාන ආකාරයෙන් ක්‍රීඩා කරන බවටත්,ඒ වගේම කුසල් මෙන්ඩිස් සහ පැතුම් ආර්ම්භක සබඳතාවයට එක්වීමේ වටිනාකමත් ප්‍රකාශ කළා.
මේ අතරම අශ්වින් කුසල් මෙන්ඩිස් ගැන ප්‍රකාශ කරමින් කියා සිටියේ කුසල් මෙන්ඩිස් මේ තරගාවලියේදී හොඳ තරගයක් ලබා දුන්නොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩාක් දුර යා හැකි බවටයි .
ඒ වගේම මතීෂ,නුවන්, ඩිල්ෂාන් ,වනිඳු සහ මහීෂ් වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණිය ඉතාමත් ප්‍රබල එකක් බවත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම යනු විශ්වාස කළ නොහැකි ප්‍රබල කණ්ඩායමක් බවටත් කණ්ඩායමේ අන්තර්ගතය ගැන පවසමින් කියා සිටියා.
තවත් පුවත් :
- අපේ තරුෂිට සුපිරි ජයක්.
- ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැමිණීමට සිටි බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නකු ආබාධයකට ලක් වෙයි.
1 Comments
විශ්වශ කරන්න බැ තමයි ඊයෙත් පැර්දුනා
ReplyDelete