IPL ගිය මතීෂ පළමු තරගයේ පළමු පන්දු වාරය යැවීමට පෙර දෝණිට කළ දේ ගැන ඉන්දියානු ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි ප්‍රසාදයක්.

 


මතීෂ පතිරණ මේ දිනවල සිටින්නේ ඉන්දියානු ප්‍රිමිය ලීගයට සහභාගී වෙලා.

ඔහු එහි දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ආබාධයකට ලක් ව සිටි මතීෂට රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් කණ්ඩායම සමග පැවති තරගය මග හැරී ගියා.

ඔහු නැවතත් සිය කණ්ඩායම සමග එකතු වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගයටයි.

මෙම තරගයේදී ඔහු ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සායි සුදර්ශන්ගේ කඩුල්ල දවා ගත්තා.

මේ අතරම මතීෂ පතිරණ මෙම වාරයේ සිය පළමු තරගය ක්‍රීඩා කරමින් පන්දු වාර 4ට 1/29 පමණක්ලබා දෙමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

ගුජරාට් කණ්ඩායම සමග පැවති තරගයේදී මතීෂ සහ දෝණි අතර සිදු වූ අපූරූ සිදුවීමකට ඉන්දියානු ක්‍රීඩාලෝලීන්ගේ දැඩි ප්‍රසාදයක් පළ වී තිබෙනවා.

එම වීඩියෝ පටයද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලබමින් සමාජ ජාලා තුල පැතිර යනවා.

එහි දැක්වෙන්නේ තම පන්දු වාරය යැවීමට පෙර දෝණිගේ පාදය සිය දෑතින් ස්පර්ෂ කරන ආකාරයයි.

ඉන්දියානු මාධ්‍ය දක්වන්නේ මතීෂ පන්දු යැවීමට පෙර දෝණිගේ දෙපා නමස්කාර කළ බවටයි.



තවත් පුවත් : 


Post a Comment

0 Comments