20-20 ලෝක කුසලානය මේ වනවිට ආරම්භ වී හමාරයි.
මේ කියන්න යන්නේ ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති ගැටළුවකට.
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් පුහුණු සැසිවාරය අවසන් කර ෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් දක්වා ඔවුන්ගේ ගමනේදී සැලකිය යුතු සංචාරක බාධාවන්ට මුහුණ දී සිටීම ගැන පුවතක් වාර්තා වනවා.
හිරු රශ්මිය මැද්දේ පැවති තරඟයකින් පසු, ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ක්‍රීඩකයින්ට නිව්යෝර්ක් දක්වා පැමිණීම සඳහා පැය හතකට ආසන්න කාලයක් ගුවන් ගමන ප්‍රමාද වී තිබෙනවා.
මුලින් සිකුරාදා රාත්‍රී 8.00 ට නිව්යෝර්ක් වෙත පැමිණීමට නියමිතව තිබූ අතර, අනතුරුව පසුදා උදෑසන 5 ට පමණ දැඩි ප්‍රමාදයකින් යුක්තව පැමිණ තිබෙනවා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට තිබූ උදෑසන පිතිකරණ පුහුණු සැසියද අවලංගු කිරීමට ද සිදු වී ඇති බවට වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙම සිදුවීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සූදානම් වීමට තිබූ කාලය අඩු වී ඇති බවට වාර්තා වෙනවා.
එමෙන්ම , තරගය පැවැත්වෙන පිටියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති හෝටලයට පැමිණීමට පැය එක හමාරක් පමණ කාලයක් වැය වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පුවත් :
- ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැමිණීමට සිටි බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නකු ආබාධයකට ලක් වෙයි.
- කුසල් මෙන්ඩිස් ගැන අශ්වින් කියපු ආන්දෝලනාත්මක කතාව.
8 Comments
ඕක මොකද්ද කමිදුවා මට කරපු අසාධාරණය ඊට වඩා ලොකු . ස්වභාවධර්මයෙන් ඒකට දඩුවම් ලැබෙයි කවදාහරි..
ReplyDeleteඒ මොකද්ද කමිදු ඔයාට කරපු අසාධාරණේ?
Deleteඒක නෙවෙයි අපේ උන්ට ක්‍රිකට් බෑ
ReplyDeleteThey are need prosti
ReplyDeleteඑහෙනමි ඉතින් SA ල ටත් එහෙම වෙන්න එපැයි
ReplyDeleteලංකාවේ ක්‍රීකට් ගැන කතා කරන්න දෙයක් නෑ..... උදාරයී
ReplyDeletePeradunama buru baila gahanawa. Upan tekata mulinma bet akak elluwa wage kathawa
ReplyDeleteMurali keewa kathawa hariyatama hari
ReplyDelete