ඉඩමක් නැති සියල්ලන්ට අගමැතිගෙන් ඉඩම්

 


ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන්ට , ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යනුකූලව පැවරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙළ යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම ලබා දීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී ඇත..

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි.

භූමියේ නීත්‍යනුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියලුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට “හිමි බිම” ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යනුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකට ම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ද අද සිදු කෙරිණි.

Post a Comment

0 Comments