සති අන්තයේ කොළඹට වතුර නෑ

 


කොළඹ ප්‍රදේශ කිහිපයක අද (25) රාත්‍රී 10 සිට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම මංසන්ධියේ සිට 7 වැනි සැතපුම් කණුව දක්වා සහ එම කොටසේ හයිලෙවල් මාර්ගයේ සියලුම අතුරු මාර්ග, නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා කොටස සහ අතුරු මාර්ගවල ජල සැපයුම ඉරිදා (26) උදෑසන 08 දක්වා අත්හිටුවීමට නියමිතය.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එසේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Post a Comment

0 Comments