බෝවන රෝගයක් යළි හිස ඔසවයි

 


මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් කවින්ද සොයිසා ප්‍රකාශ කර ඇත්තේ මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් වසරකට මැලේරියා රෝගීන් 50ක් පමණ හමුවෙන බවයි.

2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියාව තුරන් කිරීම සඳහා මෙරටට සහතිකයක් ලබාදී තිබූ නමුත් දැන් යළි මැලේරියාව ප්‍රචලිත වීමේ තර්ජනයක් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මැලේරියා විෂබීජ රැගෙන මෙරටට පැමිණෙන විදේශිකයන්ගේන් රෝගය පැතිරීමේ තර්ජනයක් තිබෙන අතර මේ තත්ත්වයේ බරපතලකම සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.

Post a Comment

0 Comments