මියන්මාර හමුදා පාලකයන් විසින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කෙරුණු එරට හිටපු රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී නායිපායිදේව් අගනුවර හමුදා බන්ධනාගාරයේ සිර මැදිරයකට මාරු කෙරුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවකු වන 77 හැවිරිදි සුකී මියන්මාර අධිකරණය හමුවේ අපරාධ චෝදනා රැසකට වරදකාරිය වී සිටින අතර තවත් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට ද නියමිතය.
එම චෝදනා සියල්ලටම වරදකාරිය වුවහොත් සුකී ට වසර 150 කට වඩා වැඩි සිරදඩුවමක් හිමිවනු ඇත.
මියන්මාර හමුදා රජය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ එසේ අපරාධ චෝදනාවලට වරදකරුවකු වූ තැනැත්තකු නිවාස අඩස්සියේ රඳවා තැබීම කළ නොහැකි බැවින් ඇය බන්ධනාගාරයට යොමු කළ බවයි.
එරට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම සිදුවීම දැඩි අවධානය යොමු වී තිබෙන අතර අවුන්සාන් සුකී තමාට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.


0 Comments